ජනතාවට සේවය කළ නොහැකි අමාත්‍යාංශයක් දුන්නොත් භාරගන්නෑ – ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුසාමි රාධාක්‍රිෂ්ණන්

ජනතාවට සේවය කිරීමට අපොහොසත්වන අමාත්‍යාංශයක් වත්මන් රජය මගින් තමන්ට ලබා දීමට සූදානම් වනවා නම් එම අමාත්‍යාංශය භාර නොගැනීමට තමන් තීරණය කර ඇති බව හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, ද්‍රවිඩ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා අද (28) පැවසීය. හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “රටේ ඔක්තෝම්බර් (26) වන දා දේශපාලන අස්ථාවර තත්වයක් ඇතිවුණා. එම අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටිමින් කඳුරට ජනතා පෙරමුණේ අපි එක්සත් ජාතික පක්ෂයට සම්පූර්ණ සහය ලබා දුන්නා.මේ වනවිට රට දේශපාලනස්ථාවරත්වයකට පැමිණ අලුත් ආණ්ඩුවක් පිහිටුවලා තිබෙනවා. ආණ්ඩුවෙන් ප්‍රගතිශීලි සන්ධානයට කැබිනට් අමාත්‍යතනතුරු දෙකක් දී තිබෙනවා. ඒ වගේම දේශපාලන අස්ථාවර වූ අවස්ථාවේ කඳුරට ජනතා පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාසමග පැවති සාකච්ඡාවේදී එතුමා අලුත් රජය පත්වුණායින් පසුව අපගේ පක්ෂයට කැබිනට් අමාත්‍ය තනතුරක් හා නියෝජ්‍යඅමාත්‍ය තනතුරක් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් මහතාට ලබා දෙන බවට පොරොන්දු වුණා. ඒපොරොන්දුවෙන් පසුව දැන් නව කැබිනට්ටුව පත් කරද්දී එහි සංයුතිය 30 ක් බවට පත්ව තිබෙනවා. මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා කීවා මට කැබිනට් නොවන අමාත්‍ය තනතුරක් හා අරවින්ද කුමාර් මහතාට නියෝජ්‍යඇමතිකමකුයි ලබා දෙන බව. අපි එයට එකඟතාවය පළ කළා. හැබැයි දැන් අපට තොරතුරු දැනගන්නට ලැබී තිබෙනවා, මටඅලුත් අමාත්‍යාංශයක් හදලා දීලා නියෝජ්‍ය අමාත්‍ය තනතුර සම්බන්ධව කිසිම පිළිතුරක් නැති බව. එසේ වුණොත් කඳුරටජනතා පෙරමුණේ කිසිම අමාත්‍යාංශයක් භාර නොගැනීමට තීරණය කර තිබෙනවා. එසේ වුණා කියා අපි විපක්ෂයට යන්නෙත් නෑ දිගටම එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා. 

Read more

අගමැති රනිල් බුදු දහම ගැන යළි කතා කරයි.වීඩියෝ සහිතයි

ඉදිරියෙදී වැඩකටයුතු කරන්නේ බුද්ධාගමට මුල් තැන දෙමින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා අද (28) පෙරවරු ශ්‍රි දලද්‍රා සමිදු වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහනායක හිමිපාණන්වහන්සේලා බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරිම සඳහා මහනායකහිමිවරුන්ගෙන් ලැබු අනුශාසකත්වය ද අග්‍රාමාත්‍යවරයා ඇගයීමට ලක්කළේය. තවද පසුගිය දින කිහිපයෙදි මවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා බිඳ දමා විනාශ කිරිමේ සිද්ධියට සම්බන්ධ සියලුමවැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙසට පොලිස්පතිවරයාට දැනුම් දි ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය. පවතින ව්‍යවස්ථාවේ 9වන වගන්තියේ සඳහන් පරිදි බුද්ධාගමට මුල් තැන දීමේ වගන්තිවල කිසිඳු වෙසනස් කිරිමක් සිදුනොකරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි මල්වතු අස්ගිරි මහනායක හිමිවරුව දැනුම්වත් කර ඇත. එමෙන්න වත්මන් ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු සිදු කිරිමේදි ගමට මුල් තැන දී ගමේ අර්ථීකය වැඩි දියුණු කිරිමට ප්‍රමුඛස්ථානදී කටයුතු සිදු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි පැවසීය. 

Read more

පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට ඇප.වීඩියෝ සහිතයි

  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ රංජිත් සොයිසා මහතා රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස්

Read more

රට බෙදන ව්‍යවස්ථාවේ නියමුවා වන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් ද්විත්ව පුරවැසියෙක්, පොදුජන පෙරමුණ නඩු මගට.වීඩියෝ සහිතයි

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්ට ද ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටලූවක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ

Read more

ජවිපෙ නීතීඥ සුනිල් වටගල මුද්දර බද්දක් කියා හාරලක්ෂ අනූනවදහසක ගෙවලා, අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර හා ණයදෙන සමිතියට ජවිපෙ කල විනාශය හෙළිවෙයි.වීඩියෝ සහිතයි

අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර හා ණයදෙන සමිතිය ජනතා විමුක්ති පෙරමුණේ දේපලක් කරගෙන විනාශ කරලා යැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා

Read more