මත්තලදී ගුවන් යානයක ගින්නක්.වීඩියෝ සහිතයි

මත්තල ගුවන් තොටුපොළෙන් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක ඇන්ජිමේ ඇති වු දෝෂයක්හේතුවෙන් අද (26) උදෑසන හදිසියේම ගින්නක් හට ගත් බව එහි ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

මෙය රුසියාවේ නිෂ්පාදිත ඇන්ටොනෝව් – 12 වර්ගයේඇන්ජින් දෙකකින් බල ගැන්වෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.

මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිටියහ.

මෙම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට ඕමානයේ සලාම් ගුවන් තොටුපළ වෙත ඇන්ජිමක් රැගෙන යන අතරතුර දීයානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අද (26) උදෑසන 8.30  ටී.එස්.ටී. – 7042 දරණ මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුවඕමානයේසලාම් වෙත පිටත්ව යෑමට සූදානම් වත්මඑහි එක් ඇංජිමක කලු දුමාරයක් පිට කරමින් ගින්නක් හට ගෙන තිබේ.

 සමගම මත්තල ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකය පැමිණමෙම ගින්න නිවා දමා තිබේ.

මෙම සිදු වීමෙන් පසුව සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණමෙම ගුවන් යානය පරීක්ෂාකිරීමෙන් පසුව ලබා දෙන නිර්දේශය මතමෙම ගුවන් යානය පිටත්ව යෑම හෝ අලුත්වැඩියා කිරීම සඳහා යොමු කිරීම සිදු වනබව මත්තල ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය

3Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *