” TNA වත්, ආවා කල්ලියවත් විපතට පත් ද්‍ර‍විඩ ජනයා මුදා ගන්න ගිහින් නැහැ”.වීඩියෝ සහිතයි

අද වනවිට උතුරු පළාතේ විපතට පත්ව සිටින ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සිදුකරන සේවය අන්තවාදීව කතාකරන දේශපාලකයන්ට මහඟු ආදර්ශයක් බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතනනාහිමියෝ සඳහන් කළහ. උතුරට විපත්තිදායක තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. ඉතින් අන්තවාදී දේශපාලකයන් සඳහන් කළා යුද හමුදාවඅයින් කරන්න. යුදහමුදා කඳවුරු ඉවත් කරන්න කියා. අද ටී.එන්.ඒ. එකවත්, ආවා කල්ලියෙන්වත් නොවෙයි විපතට පත්වූද්‍රවිඩ ජනයා මුදාගැනීමට, ඒ ජීවිත බේරා ගැනීමට ඒ මහා ජල කඳට බැහැලා මිනිස්සු කරේ තියාගෙන ගොඩට අරගෙන ආවේ. ඒ අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක නිලධාරීන් පමණයි. ඒ නිසා ඔවුන්ට දිරිය දෙන්න, ශක්තිය දෙන්න මෙවැනිමහා පින්කම් සිදු කරමින් ආශීර්වාද පුද කරනවා. ඒ වගේම විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට ආශීර්වාද ප්‍රාර්ථනා කරන බවසඳහන් කළ නාහිමියෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද පැවැසූහ. රට වෙනුවෙන් ජීවිත පුදකළ සියලු දෙනාටත් හින්දු, කතෝලික, ඉස්ලාම් සියලු ජන වර්ගයාටත් පින් පෙත් අනුමෝදන්කරනවා. ලබන වසර විපත්තිවලින් තොර සම්පත්ති ලබා ගන්න පුළුවන් වර්ෂයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බුදුදහමවත්, ජේසුස් වහන්සේවත්, නබිනායකතුමාවත්, හින්දු ආගමේවත් කිසිම වෙලාවක සංහිඳියාවෙන් තොරව දේශනා කරනෑ. සියලු දෙනාම කීවේ සහජීවනයෙන් ජීවත් වෙන්න. ඒ වගේම අනේ‍යාන්‍ය සුහදත්වයෙන් හා ලෙන්ගතුකමින් ජිවත්වෙන්නට, වෛරයෙන් අෑත් වෙන්නට තමයි සෑම ආගමක්ම දේශනා කළේ. නමුත් සමහර ආගම්වල ඉන්න ඇතැම් අය ඒවාවෙනස් කරමින් පවතිනවා. එම නිසා ඒ අයගේ ප්‍රාර්ථනාව නොවෙයි මීට අවුරුදු දෙදාස් ගාණකට පෙර මිහිඳු මාහිමියන් මෙන්ම ජේසුස් වහන්සේ, හින්දුආගමෙන්, ඉස්ලාම් ආගමෙන් සංහිඳියාවෙන් මානව වර්ගයාට ජීවත් වන්නට දේශනා කළා. නිදහසේ ආගම් ඇදහීමට අවශ්‍යයි. කිසිම ආගමකට ගරහන්නට කියා කොතැනකවත් සඳහන් වෙලා නෑ. නමුත් අන්තවාදී කොටස් එකතුවෙලා තමයිවර්තමානයේ මේ තත්ත්වය ඇති කරලා තිබෙන්නේ යැයිද උන්වහන්සේ සඳහන් කළහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් නොවෙයි අපට ඉස්සරලම හඳුන්වා දුන්නේ බුදු දහම, කිතු දහම, ඉස්ලාම් දහම, හින්දු දහම තමයිමිනිස්සු පෝෂණය කළේ. සංවර කළේ, නීතිරීති ගෙනාවේ. නමුත් අද අන්තවාදී දේශපාලනඥයන් තමයි අද ආගම් විවිධවිදියට හරවාගෙන දේශපාලන වර්ගවාදී විදියට කොටස් කර ගෙන තියෙන්නේ. ඒ නිසා ඒවගෙන් මිදිලා මේ උතුම් නත්තලසමරන වෙලාවේ සෑම දෙනාටම සංහිඳියාවෙන් ජීවත්වන්නට වාසනාව උදා වේවායි කියා ප්‍රාර්ථනා කරන බවද උන්වහන්සේවැඩිදුරටත් පැවැසූහ. 

Read more

මත්තලදී ගුවන් යානයක ගින්නක්.වීඩියෝ සහිතයි

මත්තල ගුවන් තොටුපොළෙන් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක ඇන්ජිමේ ඇති වු දෝෂයක්හේතුවෙන් අද (26) උදෑසන හදිසියේම ගින්නක් හට ගත් බව එහි ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. මෙය රුසියාවේ නිෂ්පාදිත ඇන්ටොනෝව් – 12 වර්ගයේ, ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිටියහ. මෙම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට ඕමානයේ සලාම් ගුවන් තොටුපළ වෙත ඇන්ජිමක් රැගෙන යන අතරතුර දී, යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. අද (26) උදෑසන 8.30 ට ටී.එස්.ටී. – 7042 දරණ මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව, ඕමානයේසලාම් වෙත පිටත්ව යෑමට සූදානම් වත්ම, එහි එක් ඇංජිමක කලු දුමාරයක් පිට කරමින් ගින්නක් හට ගෙන තිබේ. ඒ සමගම මත්තල ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකය පැමිණ, මෙම ගින්න නිවා දමා තිබේ. මෙම සිදු වීමෙන් පසුව සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ, මෙම ගුවන් යානය පරීක්ෂාකිරීමෙන් පසුව ලබා දෙන නිර්දේශය මත, මෙම ගුවන් යානය පිටත්ව යෑම හෝ අලුත්වැඩියා කිරීම සඳහා යොමු කිරීම සිදු වනබව මත්තල ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය. 

Read more

කළු මාධ්‍යයට සුදු වෙන්න කාලය ඇවිල්ලා අධිකරණ අමාත්‍ය තලතා අනතුරු අගවයි.වීඩියෝ සහිතයි

විශේෂ ත්‍රිපුද්ගල අධිකරණ ස්ථාපිත කිරිමේ වැඩසටහන යටතේ දෙවන විශේෂ ත්‍රිපුද්ගල අධිකරණය සඳහා විනිසුරුවරුන්නම් කර ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි. ඉඩ පහසුකම් පිළිබඳ පවතින ගැටලුවක් හේතුවෙන් එම අධිකරණය ස්ථාපිත කිරිම ප්‍රමාදවී ඇති බව ඇය පවසයි. නව අධිකරණ පත් කිරීමේ දී ඉඩ පහසුකම් සම්බන්ධයෙන් සුළු ගැටළුකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව ද අමාත්‍යවරියමෙහිදී අදහස් දක්වමින් පැවසීය. මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය හේතුවෙන් රටට සේවයක් කිරීමට අනිවාර්යයෙන්ම ඇමතිධූරයක් අවශ්‍ය බව දඅමාත්‍යවරිය මෙහිදී කියා සිටියේය. එසේ නොමැති වු විට ගැටලු රැසක් ඇතිවන බවත්, අමාත්‍යධුරයක් හිමි වු විට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ඇති බව දතලතා අතුකෝරාල මහත්මිය පැවසීය. තවද අමාත්‍යවරිය මෙසේද අනතුරු අගවුවේය කළු මාධ්‍යට සුදු වීමට කාලය දැන් පැමිණ ඇති බවත් රටේ ප්‍රධානතම නීතියවන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටත් කටයුතු කිරීමට සිදුවන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනීතලතා අතුකෝරාල මහත්මිය සඳහන් කරයි. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (25දා) සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අති පූජ්‍යතිබුබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. ප්‍රශ්නය – අමාත්‍යධුර ලබා ගැනීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ අයම අවලා ද නගලා තිබුණා ඔවුන්ට ලැබුණු අමාත්‍යධූර සම්බන්ධව. පිළිතුර –නැහැ එහෙම ගැටලුවක් නැහැ. රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමාට ඒ තිබුණු අමාත්‍යාංශයම ලැබුණා. මටත් ඒකමලැබුණා. එහෙම ගැටලුවක් නැහැ. දුන්නොත් ගන්නවා මාධ්‍ය හරහා නොයෙකුත් දේවල් උලුප්පලා පෙන්නනවා. අපි දන්නවනේදැන් කාලය ඇවිල්ලා තියෙනවා කළු මාධ්‍යට සුදු වෙන්න. 

Read more

දෙමළ ජනතාව 2010 දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටත් 2015 දී මෛත්‍රීට ජන්දෙ දුන්නේ මහින්ද රාජපක්ෂ එලවන්න – මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්.වීඩියෝ සහිතයි

2015 වර්ෂයේදී මහජන ඡන්දයෙන් පාලනයෙන් ඉවත් කළ මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම, දෙමළ ජනතාව කිසිවිටෙකත් අනුමත නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංගම් මහතාගේ 13 වන අනුස්මරණවැඩසටහනකට එක්වෙමින්. ඝාතනයට ලක්වු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංගම් මහතාගේ 13 වන අනුස්මරණවැඩසටහනක් ඊයේ මඩකලපුව නගරයේ පැවත්විය. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ඉලංකයි තමිල් අරසු පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ සංවිධානය විසින්. මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සහභාගී විය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සිදුවුණු දේශපාලන සිද්ධීන් නිසා ලංකාවේ ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනගෙනතියෙනවා. ඒකෙන් 19 වැනි සංශෝධනය ගැනත් දැනගත්තා. අපි කොළඹදී පාරේ යනකොට සමහර මිනිස්සු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති ගැන කතා කරනවා. 2010 අප්‍රේල් මස පැවති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට තුනෙන් දෙකේ බහුතරය නොතිබුණත්, සමහර අයව මිලදි අරගෙන 18 වැනි සංශෝධනය සම්මත කරගත්තා. මේ ළඟදි ජනාධිපතිවරයා සමග තිබුණු සාකච්ඡාවකදි එතුමා කිව්වා ‘මම කවදාවත් අමතක කරන්නේ නෑ දෙමළ ජනතාව. ඒඅය ඡන්දේ දුන්න නිසා තමයි මේ රටේ ජනාධිපතිවරයා වුණේ‘ එතුමා එහෙම කියද්දී මම ජනාධිපතිවරයාට කිව්වා දෙමළජනතාව 2010 දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඡන්දය දුන්නා. 2015 දී ඔබතුමාට ඡන්දය දුන්නා. දෙමළ ජනතාව ඔබතුමාට තිබුණු ආදරයකට හෝ සරත් ෆොන්සේකාට තිබුණු ආදරයකටනෙමෙයි ඡන්දෙ දුන්නේ. මහින්ද රාජපක්ෂ මහතාට එළවන්න ඕනේ කියලා තමයි ඔබ දෙපළටම ඡන්දය ලබා දුන්නේ. නමුත් එදා සිට මේ දක්වා එළියටයවන්න ඕනේ කියලා හිතපු එක්කෙනාව නැවත අගමැති විදිහට පත් කරපු එක දෙමළ ජනතාව කිසිවිටෙකත් පිළිගන්නේ නෑ. “ 

Read more