ඇමතිවරුන් පත් කල හැක්කේ අගමැතිගේ උපදෙස් මත පමණයි, මට ඇමති කම නොදුන්නොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – මන්ත්‍රී සරත් ෆොන්සේකා.වීඩියෝ සහිතයි

ෆීල්ඩ් මාෂල් ධුරය දේශපාලනයට ප්‍රශ්නයක් නෙවෙයි, මට සම්පුර්ණ නිදහස තිබෙනවා දේශපාලනය කරන්න එමෙන්ම අනිත් පුද්ගලයන්ට දොශාරෝපනය කල හැකි නම් මටත් ඒ දේම කල හැකියි, නමුත් අපි බැන්න නෙමෙයි දේශපාලන ප්‍රහාර එල්ලකළා ඇමතිවරුන් පත් කල හැක්කේ අගමැතිගේ උපදෙස් මත පමණක් යයි ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තිබෙනවා 43 වන ඡේදයේදෙවෙනි උප ඡේදයේ කියලා තියනවා ඇමතිවරුන්ව පත් කිරීමට හැක්කේ අගමැතිතුමාගේ උපදේශය මත පමණක් බවපාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ අනුව අගමැතිවරයා විසින් නම් කරන පිරිස ජනාධිපතිවරයා විසින් අනිවාර්යෙන් පත් කල යුතු බවත් ඔහු කියා සිටී. තමන්ගේ නමද ඒ ආකාරයෙන් අගමැතිවරයා විසින් යෝජනා කර ඇති බවත් තමන් ඇමතිවරයෙක් ලෙස පත් නොකළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද ඔහු සදහන් කරයි

Read more

උතුරට තවදුරටත් තද වැසි පුද්ගලයින් 73,000 කට පීඩා.වීඩියෝ සහිතයි

කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත

Read more

කවුරු ‍ෙදාස් කිව්වත් මම නම් ජනාධිපතිවරයාට ‍ෙදාස් කියන්නේ නෑ, එතුමාගේ ඡයාරූපයට මල් පහන් පිදිය යුතුයි – කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්

ජනාධිපතිතුමාට සමහරුන් ‍ෙදාස් කිව්වත් මම කියන්නේ එතුමා නිසා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වූ බවයි. ජනාධිපතිතුමා ගත් පියවර නිසා එතුමාගේ ඡයාරූපයට මල්, පහන් පිදිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා එසේ කීවේ පසුගියදා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පසු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හාජලජ සම්පත් සංවර්ධන නව අමාත්‍යවරයා වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී රාජකාරි කටයුතු ආරම්භ කරමිනි. එහිදී අමාත්‍යවරයා මෙසේ පැවැසීය. පසුගිය දින 52ක කාලය තුළ රට අකර්මණ්‍ය වී තිබුණා. ඒකට හේතුව රටේ හැමෝම දන්නවා. සමහරු ජනාධිපතිතුමාට ‍ෙදාස්පැවරුවත් මම කිසි දිනෙක එතුමාට ‍ෙදාස් පැවරුවේ නෑ. මොකද පසුගිය කාලය තුළ ආණ්ඩුවක් විදියට අපෙත් අඩුපාඩුතිබුණා. ආණ්ඩුව ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් අද මාධ්‍ය තුළ ප්‍රචාරය වන්නේ නැහැ. පෙන්වන්නේ ඇතිවී ඇති, ඇතිවෙන්න යන ප්‍රශ්න පමණයි. එම නිසා රටේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබාදීම මාධ්‍යවල වගකීමක් ලෙසමම දකිනවා. 

Read more