අමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.වීඩියෝ සහිතයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඔහු මේ බවදැනුම් දී ඇති බව ය. එමගින් ජේම්ස් මැටිස් සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සහ අදහස්වලට ගැලපෙන ආරක්ෂකලේකම්වරයෙකු පත් කර ගැනීමට ඉඩ ලබා දෙමින් තමන් ඉල්ලා අස් වන බව ය. මේ වන විට අයි.එස්. ත්‍රස්ත්‍රවාදීන් පරාජය කර ඇති බැවින් සිරියාවෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගන්නා බවඅමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර දිනක් ඇතුළත අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉවත් වීම විශේෂත්වයක් බවවිදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් සිය නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරඇත්තේ, ලබන පෙබරවාරි අවසානයේ සිට ආරක්ෂක ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම බලාත්මක වන බව ය. General Jim Mattis will be retiring, with distinction, at the end of February, after having served

Read more

එ.ජා.ප නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි, විජයකලා මහේෂ්වරන්ටත් ඇමති කමක්

නව ආණ්ඩුවේ තවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මෙලෙස දිවුරුම් දී ඇති

Read more

ආණ්ඩු පක්ෂයේ පුටු ගැන වැඩි විශ්වාසයක් තියාගන්න එපා.වීඩියෝ සහිතයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ සිටින තෙක් ආණ්ඩු පක්ෂයේ සිටීම ගැන එක්සත් ජාතික පක්ෂ වැඩිවිශ්වාසයක් තබා නොගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදපාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. කිසිඳු කුමන්ත්‍රණයක් මඟින් එක්සත් ජනතා නිදහස් සන්ධාය විසින් ආණ්ඩුවක් නිර්මාණ නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ රටේ අඩුපාඩුකම් රැසක් තිබියදී ඔවුන් විසින් ආණ්ඩුව භාරගත් බවයි. පසුගිය එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු සමයේ බොරතෙල් බැරලයක මිල අඛණ්ඩව පහළ ගියත් කිසි ලෙසකින් ඉන්ද මිලඅඩු නොවු බවත් ඔවුන් විසින් එය අඩු කිරීමට කටයුතු කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත්පැවසීය. 

Read more

පොලිස්‌පති පූජිත් ජයසුන්දර විසින් මහා පරිමාණ මත්කුඩු ජාවාරම් වැටලු නියොමාල් රංගජීවගේ ආරක්‍ෂාවත් ඉවත් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ එහි වැටලීම් ප්‍රධානියාව සිටි පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්

Read more