ඩ්‍රෝන් යානා නිසා බ්‍රිතාන්‍යයේ ගැට්වික් ගුවන් තොටුපළ වසා දැමේ

ඩ්‍රෝන් යානා දෙකක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගැට්වික් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට ගුවන් තොටුපළ බලධාරීන්විසින් පියවර ගෙන තිබෙනවාබ්‍රිතාන්‍ය බලධාරීන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් ගුවන් මගින් දහස් ගණනක් මේ වන විටදැඩි අපහසුතාවයන්ට මුහුණ පා ඇති බවයි.

සසෙක්ස් ප්‍රාන්තයේ පොලිසිය විසින් මෙම ඩ්‍රෝන් යානා ගුවන් ගත කර ඇති පුද්ගලයින් සොයා මේ වන විටත් මෙහෙයුමක්ආරම්භ කර ඇති අතර එම උපකරණ වලට වෙඩි තබා බිම හෙළීමට ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවාඑයට හේතුවලෙස ඔවුන් සඳහන් කරන්නේ වෙඩි තැබීම් හේතුවෙන් භුමියේ සිටින ජනතාවට සහ දේපල වලට හානියක් සිදුවේ යැයි තමන්අනුමාන කරන බවයි.

මේ අතර ගැට්වික් ගුවන් තොටුපලට පැමිණෙන ගුවන් යානා රාශියක් මේ වන විට ලන්ඩනයේ හීත්‍රෝලුටොන්බර්මින්හැම්මැන්චෙස්ටර්කාඩිෆ්අමෙස්ට්‍රඩෑම් සහ පැරිස් ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා.

නත්තල් සමය ආරම්භ වීමත් සමග බ්‍රිතාන්‍යයේ සියලුම ගුවන් තොටුපළවල් මේ වන විට දැඩි කාර්ය බහුලත්වයක් ගෙන ඇතිඅතර ගැට්වික් ගුවන්තොටුපළේ පමණක් අද දිනයේ මගින් 110,000 ක් ගමන් කිරීමට නියමිත ගුවන් ගමන් 760ක් මේතත්ත්වය නිසා ප්‍රමාද වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

දැනට ගුවන් තොටුපලේ මගින් 10,000ක් පමණ ගැට්වික් ගුවන්තොටුපළේ රැදී සිටින බවයි BBC පුවත් සේවය වාර්තාකරන්නේ

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *