ලක්ෂ්මන් සෙනවිරත්න, විජිත් විජිතමුණි ද සොයිසා, පියසේන ගමගේ සහ එච් එම් ෆවුසි යන නම් ද, සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ නම් කැපෙයි ඇමැතිවරු 36කගේ ලැයිස්තුවෙන් 28 හෙට දිවුරයි

එක්සත් ජාතික පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනකු හෙට උදේ 8.30 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. ඇමැතිවරුන්

Read more

ජාතික ආරක්ෂාව ගැන බුද්ධි අංශ සැලකිලිමත් විය යුතුයි – යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක.වීඩියෝ සහිතයි

යුද හමුදාව භාරයේ තිබෙන පෞද්ගලික ඉඩම්වලින් සියයට අනූවක් පමණ මේවන විට නිදහස් කර තිබෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. යුද හමුදාපතිවරයා මේබව සඳහන් කළේ අද(19) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි අංශ ඉතා සැලකිලිමත් විය යුතු බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ්සේනානායක මහතා පෙන්වා දුන්නේය. උතුරේ ඉඩම් නිදහස් කිරීම කිසිසේත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

Read more

ශ්‍රී.ල.නි.පයෙන් ආණ්ඩුවට එන අයට ඇමැතිකම් නොදීම නපුරුකමක්, ජනාධිපතිතුමා දැන් හිතන්නේ එතුමා එංගලන්තයේ බකිංහැම් මාළිගාවේ කෙනෙක් විදිහටයි – බිමල් රත්නායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවැසීම ඉතා නරක නපුරු තත්ත්වයකැයි පත් කළ මන්ත්‍රී

Read more

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ දුරකතනයේ මැකූ හඬපට සෙයා ගනියි

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ ජංගම දුරකථනයේ මකා දමා තිබූ හඬපට ගණනාවක්නැවත සොයා ගැනීමට හැකිවූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටදැන්විය. එහි මකා දැමූ හඬ පට ලබාගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොංකොං ගිය අතර අදාළ දත්ත නැවත ලබාගැනීමෙන් පසුව ඔවුන් පසුගිය 14 දා නැවතත් දිවයිනට පැමිණ තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පවත්වන ලබන පරීක්ෂණවලට අදාළව මෙසේ නැවත දත්ත ලබා ගැනීමට කටයුතු කළේය. ලබගාත් හඩපට ඇතුළත් කරන දත්ත බහාලුව හා එම විශේෂඥවරුන්ගේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවිසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී ඇත. 

Read more