මොහොම්මඩ් මුසම්මිල් මහතා තෛයිනිකායික මහා සංඝ සභාවේ ගෞරව නාම සම්මානයට පාත්‍ර වෙයි.ඡායාරූප සහිතයි

තෛයිනිකායික මහා සංඝ සභාවේ ගෞරව නාම ප්‍රධානය පසුගිය දින පැවැත්වුනා. මෙම ප්‍රභූ නාම ප්‍රධානෝත්සවයේ රට වෙනුවෙන් කළ සේවයට අපූරු පුද්ගලයෙක්

Read more

අපි බාඳුරා මලට වැටුණු කොඳුරුවෝ වගේ කියාගෙන විජයමුණි ආණ්ඩුපක්ෂයට.වීඩියෝ සහිතයි

විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තු කරන විශේෂ ප්‍රකාශය “දේශපාලන අර්බුදය හැම කෙනෙකුටම දැනෙනවා. බදු වශයෙන් ඔවුන්ගේ කරට බර වෙලා ඉවරයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ලෙස අපිට ලොකු වගකීමක් තිබෙනවා. කුඩා පක්ෂ හැසිරුණ ආකාරය ගැන අපි අගයක් එකතු කළ යුතුයි. අපේ පක්ෂයේසභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කිරිමේ බාධාවක් නෑ. ශ්‍රී ලංකානිදහස් පක්ෂය වශයෙන් අපිට ලොකු වගකීමක් තිබෙනවා. අපි බාඳුරා මලට වැටුණු කොඳුරුවෝ වගේ. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ලෙස අන්ත අසරණ තත්ත්වයට පත්වෙලාතිබෙනවා. මම උපතින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මම 1979 අවිස්සාවෙළල නගර සභාවට ඉල්ලුවේ අපේක්ෂකයෝනැති කාලේ. කිසිම නායකයෙක් ඇවිත් අපට ඡන්දය දෙන්න කිව්වේ නෑ. ප්‍රජාඅයිතිය නැති සිරිමා මැතිනිය අමැති කරන්න කටයුතු කළා. චන්ද්‍රිකා මැතිනිය ජනපති කරන්න කටයුතු කළා. මම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ හිටියා. දුව යනකොට පුතා යනකොට අපි හිටියා. රංජිත් මද්දුම බණ්ඩාරයි මමයිනයන් පොළගයි වගේ. අද මේ නයාටයි පොළගටයි වාඩි වෙන්න වුණා. ගලපු ගංවතුරේ එකම කෙහෙල් කොටයට නගින්න වුණා. අපිට ඉස්සරහටයන්න බෑ පස්සට යන්නත් බෑ. එක්කෝ වැට කපන්න ඕන. නැත්නම් අමුඩේ ගලවන්න ඕන. මහින්ද රාපක්ෂ මහතා මට ඇමතිකමක් දුන්නා. එතුමාගේ වටේ තියෙන වෘකයෝ එක්ක ගමනක් යන්න බෑ. මම කැලේ ඇමති, පුෂ්පයා පොල් ඇමති, සුමේධා කිහිලිකරු ඇමති. අපි බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි පක්ෂ පාට නෙමෙයි ජනතාවට ඕන. අපේ ආණ්ඩු කාලයේ මට වැඩකරන්න දුන්නේ නෑ. නමුත් යහපාන රජය කාලයේ මට වැඩ කරන්න දුන්නා. අපි වැව් 200ක්හැදුවා. මම යූඇන්පී එකට ආවා කියලා ආවා හිතන්න එපා. “

Read more

උතුරු මහ ඇමැති සී.වී විග්නේශ්වරන් අපේ හමුදාවට ජාත්‍යන්තර පරීක්‌ෂණයක්‌ ඉල්ලයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට එරෙහිව ක්‍රියානොකරන නිසා එම නිලධාරීන් පිළිබඳව ජාත්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ

Read more