වසර 3ක කාලය තුල රනිල් ප්‍රමුඛ යු.න්.පි නඩය රටට කල විනාශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහගේ මුහුණටම කියන අවස්ථාව.වීඩියෝ සහිතයි

ජනාධිපතිවරයාගේ සම්පුර්ණ කතාව පහත දැක්වේ. නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කළ විශේෂ ප්‍රකාශය 2015 ජනවාරි

Read more

අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරන අවස්ථාව සජීව විකාශයක් නෑ, නිල පින්තූර නෑ. ජංගම දුරකකතනවලින් ලබා ගත් පින්තූර පමණයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 05 වන වරටත් අද (16) අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදීයි. අද පෙරවරු 11.16ට යෙදුණු සුබ මොහොතින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් බවයි එක්සත් ජාතිකපක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සිව් දෙනෙකුටපමණක් ආරාධනා කර තිබූ බවද අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. 1993 වසරේ සිට 1994 දක්වාත් 2001 වසරේ සිට 2004 දක්වාත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාඅග්‍රාමාත්‍යධුරය දැරුවා. පසුව 2015 ජනවාරී 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමේන් පසුවද රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණා. අනතුරුව 2015 පාර්ලිමේන්තුමැතිවරණයෙන් පසුව බිහි වූ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද රනිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කළේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදායි. ඒ, හිටපුජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත් කරමින්. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා අද යළි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රි ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබූ බවට සදහන් වෙනවා. මෙහි තවත් විශේෂ කාරණයක් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාව සජීවි විකාශනයක්සදහා කිසිදු දේශීය හෝ විදෙස් නාලිකාවකට හැකියාවක් ලබා නොතිබූ බවයි. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පින්තූර හා වීඩියෝ දර්ශන ලැබෙන තෙක් දෙස් විදෙස් මාධ්‍යවේදීන් බලාපොරොත්තුවෙන් සිටිති. මෙම දිවරුම් දීමේ අවස්ථාවේදී ජංගම දුරකකථනවලින් ලබා ගත් පින්තූර පමණක් මේ වන විට මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ. 

Read more