හිටපු අගමැති රනිල්ට සිය මන්ත්‍රීධූරය අහිමි වන ලකුණු, කෝ වොරෙන්ටෝ රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් චෝදනා බරපතලයි.වීඩියෝ සහිතයි

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ කෝ වොරෙන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණි. යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි සර්මිලා ගෝනවල මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ්කාරියවසම්, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු 4 දෙනෙකු නම් කර තිබේ. පෙත්සම්කාරිය කියා සිටින්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙ ප්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ ආයතනසමඟ කොන්ත්‍රාත් වලට එළඹ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම මන්ත්‍රී දුර දැරීමට නුසුදුසු කමක් සේ අර්ථකථනය කර ඇතිබවයි. වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා ලේක්හවුස් සමුහ ව්‍යාපාරය කොටස්කරුවකු බවට තමන්ට තොරතුරු දැනගැනීමටලැබී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාරිය එම සමූහ ව්‍යාපාරය යටතේ පවතින lake house printers and publishers පුද්ගලිකසමාගම මගින් ලංකා බැංකුව සහ මහජන බැංකුවේ චෙක්පත් මුද්‍රණය කිරීමත් සිදු කරන බවද සඳහන් කර සිටියේය. එබැවින් ලේක්හවුස් සමූහ ව්‍යාපාරය කොටස් කරුවකු වශයෙන් කටයුතු කරමින් ලංකා බැංකුව සහ මහජන බැංකුව සමඟකොන්ත්‍රාත් වලට එළඹ ව්‍යාපාරික ගනුදෙනු සිදුකිරීම තුළින් වික්‍රමසිංහ මහතාට එම මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු කමක්උද්ගතව ඇතැයි පෙන්වා දෙයි. ආණ්ඩුක්රම ව්‍යවස්ථාවට අනුව එම තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට නුසුදුසු කමක් යැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය මෙයාකාරයෙන් ව්‍යාපාරික කටයුතු වල නිරත වීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නමහතාගේ මන්ත්‍රී ධුරය ද පසුගිය කාලයේ අහොසි කළ බව පෙන්වා දෙයි. මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන අතර වාරයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වීම තුළින් රනිල් වික්‍රමසිංහ මහතාආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවට ප්‍රකාශයක් කරනමෙන් ඉල්ලා සිටින පෙත්සම්කාරිය ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ කෝ වොරෙන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන මෙන්ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

“අධිකරණයෙන් දුර්ලභ තීරණයක් ලැබේවි” ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් දැනගෙන

පාර්ලිමේන්තුව විසුරවීමට ජනපතිවරයා ලබා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇතිපෙත්සම්හි තීරණය පිළිබඳ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් දක්වා තිබුණා. එමට්විටර් පණිවිඩයෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා පවසා තිබුණේ මෙම අධිකරණ තීන්දුව දුර්ලභ තීන්දුවක් වනු ඇති බවයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ එම ට්විටර් පණිවිඩය මෙරට සමාජජාලා මාධ්‍යයන්ගේ දැඩි ආන්දෝලනයටතුඩු දී තිබෙනවා. එහිදි බොහො දෙනෙක් අදහස් දක්වා තිබුණේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මෙලෙසින් අදහස් දැක්වීමමෙරට අධිකරණයේ ස්වාධීනත්වයටද තර්ජනයක් බවයි.  As a former law student myself I’m looking forward to reading this week’s Supreme Court judgement. It will

Read more

ලබන 26 මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක දුම්රියත් වර්ජනයකට සැරැසේ

අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද එම්. පී. 1හා 2 වැටුප් පරිමාණ ලබාදීම තවදුරටත් ප්‍රමාදකිරීමට විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක,

Read more

අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක අත්අනගල්ල ප්‍රාදේශීය සභාවේ යකා නටයි CCTV දර්ශන සහිතයි

අද(11) පෙරවරුවේ අත්තනගල්ල ප්‍රාදේශිය සභාව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ. ඒ එක්සත් ජාතික පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායකවරයා විසින් කම්කරුවන්ගේ සහ නිලධාරීන්ගේ රාජකාරීකටයුත්තකට අතපෙවීම හේතුවෙනි. එක්සත් ජාතික පක්ෂයේ අත්තනගල්ල ආසන බල මණ්ඩල රැස්වීම වෙනුවෙන් නිට්ටඹුව නගරයේ ප්‍රදර්ශනය කර තිබූපෝස්ටර් සහ දැන්විම් ඊයේ(10) අත්අනගල්ල ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි. ඒවා ඉවත් කිරීමට විරෝධය පළකරමින් අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල්මහතා ඊයේ පස්වරුවේ ප්‍රාදේශීය සභාව වෙත පැමිණ කම්කරුවන්ට සහ නිලධාරීන්ට තර්ජනය කරන අයුරු එහි තිබූසී.සී.ටිවී කැමරාවක සටහන්ව තිබුණි. මේ අතර පක්ෂ ආසන සංවිධායක ඡන්ද්‍රෙසෝම සරණලාල් මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව අද පෙරවරුවේ අත්තනගල්ලප්‍රාදේශිය සභාව ඉදිරිපිට කම්කරුවන් සහ නිලධාරීන් උද්ඝෝෂණයක නිරතවිය. පසුව ඔවුන් සියලු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය සභා රැස්වීම පැවැත්වෙන සභාව තුළටද ඇතුළු වී සිය විරෝධයපළ කළේය. පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද විරෝධය පළකරන පිරිස සමඟ එක්වී ප්‍රාදේශිය සභාවේ සිට අදාළසංවිධායකවරයාගේ නිවස ආසන්නයට පාගමින් පැමිණ නැවතත් නිට්ටඹුව නගරය මධ්‍යයේ විරෝධතාවයේ නියැළුණි. සියලු දේශපාලන පක්ෂවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කරන අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂසංවිධායකවරයෙක් ඉතා අශෝභන ලෙස පරුෂ වචනයෙන් බැණ වැදෙමින් හැසිරුණු බව ද අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේසභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පැවසීය. 

Read more

නැති වූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකතන සොයන ශ්‍රී ලංකා පොලිසියේන් අලුත්ම පියවර

අස්ථානගතවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර

Read more