ඉදිරි මැතිවරණයට මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන්.වීඩියෝ සහිතයි

 ඉදිරි මැතිවරණයේදී තමා එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද

Read more

ඉදිරි මැතිවරණයට මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන්.වීඩියෝ සහිතයි

ඉදිරි මැතිවරණයේදී තමා එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද

Read more

ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය විසඳුමක්, මද්‍යම ආණ්ඩුවේ අතපය බැදලා,බලතල ආපසු පවරා ගන්නත් බෑ, බලතල වෙනස් කිරීමකදී එරෙහි වන නිෂේධ බලතලත් දීලා සුමන්තිරන් ප්‍රමුඛ යහපාලනය ගෙන ආ රට බෙදන නව ව්‍යවස්ථාව මෙන්න

පළාත් සභාවලට පවරන බලතල කිසිවක් ආපසු පවරාගත නොහැකි අයුරින් ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය විසඳුමක් නවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව පළාත් සභාවලට පැවරෙන බලතල කිසිවක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ වගකීම එමඟින් මධ්‍යම රජයට අහිමි කර ඇතැයිද සඳහන්ය. යම් හෙයකින් අනාගතයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරේ නම් එහිදී ද පළාත් සභා හා බලය බෙදීමසම්බන්ධයෙන් වන කිසිදු වගන්තියක් වෙනස් කළ නොහැකි බව නව ව්‍යවස්ථාවට ඇතුළත් වන බව දෙමළ ජාතික සන්ධානයේපාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා මීට මාස කිහිපයකට පෙර පවසා තිබිණි. පසු අවස්ථාවකදී පළාත් සභාවලට අදාළ බලතල වෙනස් කිරීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා සියලු පළාත් සභාවල අනුමැතියඅවශ්‍ය වන බවත් එක් පළාත් සභාවක් හෝ ඊට එරෙහි වුවහොත් ඒ කිසිදු වෙනසක් සිදු කළ නොහැකි වන පරිදි අදාළ සියලුකරුණු ඊට ඇතුළත් වන බවත් සුමන්තිරන් මන්ත්‍රිවරයා සඳහන් කර තිබිණි. ශ්‍රී ලංකාවට ඒකීය බලතල සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කිසිසේත්ම නොගැලපෙන බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුහා දෙවැනි පිටුවල සඳහන් වන බවද සුමන්තිරන් මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබිණි. දෙමළ ජනතාව සඳහා එක්සත් පාලන ක්‍රමයක් දිනා ගැනීම සහ උතුරු – නැඟෙනහිර ඒකාබද්ධ කිරීම යන ඉල්ලීම් දිනාගැනීමේ අරගලය දෙමළ ජාතික සන්ධානය විසින් අතහැර දමා තිබෙන බවට උතුරේ ඇතැම් විද්වතුන් චෝදනා කළත් එයප්‍රතික්ෂේප කරන බව එහිදී පවසා ඇති සුමන්තිරන් මන්ත්‍රිවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් එම ඉල්ලීම් දිනා ගැනීමසඳහා වන අරගලය දෙමළ ජාතික සන්ධානය දිගටම කරගෙන යන බවද සඳහන් කර ඇත. 

Read more