පියසේන මචං දැන් උඹට සතුටුද? දැන් සතුටෙන් නින්ද යනවද? ඡන්දෙකට එන්න මචං.වීඩියෝ සහිතයි

තමා පාර්ලිමේන්තුවට ගියද නිදහසේ මසක්වත් ජනතාවට සේවය කිරීමට අවස්ථාව නොදුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පැවසීය.ඇය මේ බව පැවසුවේ

Read more

වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින, පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන රනිල් මුලින්ම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ යුතුයි – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

කුමන හේතුවක් නිසාවත් රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බවජනාධිපතිවරයා අවධාරණය කරයි. අදාළ මූල්‍ය වර්ෂය සඳහා වෙන්කර තිබෙන සියලු මුදල් නිසි පරිදි වැයකරමින් ජනතා අවශ්‍යතා උපරිමයෙන් ඉටුකරන ලෙසනිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරි නව වසරට අදාළ සංවර්ධන සැලසුම් ද නිසි පරිදි සැලසුම් කරන ලෙස දැනුම්දෙනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවතිසාකච්ඡාවකදී ය. මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පවතින දේශපාලන නොසන්සුන්තාවය ගැටලුවක් කර නොගෙන මහජනසේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙළ සක්‍රීයව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නිලධාරින් කැපවිය යුතු බවයි. ජනතා සුබසෙත වෙනුවෙන් තම මඟපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාවට නංවා තිබෙන සියලු විශේෂව්‍යාපෘති 2019 වසරේ දී නව ජවයකින් සහ ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයාමෙහිදී නිලධාරින්ට දැනුම් දුන්නේය. දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයද ඉදිරි වසරේ වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් පත්කර ඇතිසම්බන්ධීකරණ නිලධාරින් නිසි ලෙස තම වගකීම් ඉටුකිරීමේ වැදගත්කම ද පැහැදිලි කළේය. පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන පැළ සිටුවීමේ වැඩසටහන්වල ප්‍රගතියපිළිබඳව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ පවතින වැසිසහිත තත්ත්වය ආශිර්වාදයක් කර ගනිමින් එම වැඩසටහන වේගවත් කරන ලෙසයි. දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර උතුරු නැගෙනහිරසංවර්ධනය වෙනුවෙන් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාදන බලකාය සිය කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙනයමින් ඉතා කෙටි කලක් තුළ අත්කරගෙන තිබෙන සුවිශේෂී ප්‍රගතිය පිළිබඳව ද සතුට පළ කළේය. පසුගිය වසර තුන හමාර තුළ පැහැර හරින ලද උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා ඉටු කිරීමට උතුරුනැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් තමා විසින් පත්කරන ලද ජනාධිපති කාර්ය සාදන බලකාය යටතේ සුවිශේෂී මෙහෙවරක්ඉටු වෙමින් පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බවයි. වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා එහි පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩනොදෙන අතර, රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉහළින් කතා කරන ඔහු පළමුව තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරගතයුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

හිටපු නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හරී

හිටපු නාවික   හමුදාපති  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  ලක්ෂ  10 ක ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට කොළඹ කොටු

Read more

තංගල්ල නගර සභාවේ අයවැය පරාදයි සියලු පක්ෂ එජාපයට එරෙහි වෙයි

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි තංගල්ල නගර සභාවේ 2019 අයවැය අද (05) පරාජය වුණා. මෙම අයවැය සභාපති රවිදු වෙදආරච්චි විසින්

Read more

හිටපු නාවික හමුදාපති පැය 4 ක් බන්ධනාගාර බසයේ.වීඩියෝ සහිතයි

හිටපු  නාවික හමුදාපති  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න  මහතා අද (05) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට  බන්ධනාගාර බසයකින්  රැගෙන අවේය.

Read more

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල රාජකාරියක් අභියෝගයට ලක් කර ඇති බැවින් පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහන ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නෑ – නීතිපති ජයන්ත ජයසූරිය

පසුගිය නොවැම්බර් මස 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික

Read more

මන්ත්‍රීවරු 225 අත්සනෙන් යුතුව අගමැති ලෙස රනිල්ව නම් කලත් අගමැති ලෙස පත් නොකරන්නේ ජනපති මානසික පීඩනයකට ලක්ව ඇති නිසා – අනුර කුමාර දිසානායක.වීඩියෝ සහිතයි

තමන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මානසික පීඩනයකට ලක්ව ඇති බව පෙනේනේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර

Read more