චීන සල්ලි අරන් ආණ්ඩු හදන්න එපා ඇමරිකාව හා යුරෝපා සංගමය ජනපතිට දන්වලා, තානාපතිවරුන්ගෙන් විනිසුරුවන්ටත් තර්ජන

චීනයෙන් මුදල් අරගෙන ආණ්ඩු හැදීමට හෝ වෙනස් කරන්නට කටයුතු නොකරන්නැයි ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

යුරෝපා සංගමයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරයාට පසුගිය සතියේ මෙම දැනුම් දීම කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධව අධිකරණ කටයුතු සිදුකරන විනිසුරුවරුන්ට විදෙස් තානාපති කාර්යාල තර්ජනය කිරීමට පටන් ගෙන ඇති බව එම ආරංචි මාර්ග පැවසීය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *