චීන සල්ලි අරන් ආණ්ඩු හදන්න එපා ඇමරිකාව හා යුරෝපා සංගමය ජනපතිට දන්වලා, තානාපතිවරුන්ගෙන් විනිසුරුවන්ටත් තර්ජන

චීනයෙන් මුදල් අරගෙන ආණ්ඩු හැදීමට හෝ වෙනස් කරන්නට කටයුතු නොකරන්නැයි ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී

Read more

කොටින්ට යුද අපරාධ කරන්න ද්‍රවිඩ සන්ධානය සහාය දීලා රජයෙන් පුළුල් විමර්ශනයක්

කොටි සිදුකළ යුද අපරාධවලට සහාය දැක්වීම සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානයේ නායකයා ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. වන්නියේ

Read more

“පොට්ටු අම්මාන් තාම ඉන්නවා.එක්සත් ජාතික පක්ෂ රජය බුද්ධි අංශ විනාශ කළා, හමුදාව හෑල්ලු කළා, මේ ඒවයේ ප්‍රතිඵල” කරුණාගෙන් හෙළිදරව්වක්!

එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්ත සංවිධානය නැවතත් නැගිටිමින් සිටින බවත්, ඒ සදහා පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළවැඩපිළිවෙළ හේතු වී තිබෙන බවත් කොටි සංවිධානයේ හිටපු නායකයෙක් මෙන්ම, ඉන් ඉවත්වී අවසන් සටනට රජයේහමුදාවන්ට සහය දුන් කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් පවසනවා. මඩකලපුව වවුනතිව් මාර්ග බාධකයේ සේවයේ නියුතුව සිටි ‍පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනයද එල්.ටී.ටී.ඊ යේ යළිපිබිදීමේ වැඩපිළිවෙළ ඔස්සේ හිටපු කොටි සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව කරුණාඅම්මාන් එම හෙළිදරව්ව කරමින් මුද්‍රිත මාධ්‍යය සඳහන් කර තිබේ. අවසන් සටනේදී මරණයට පත්වු බවට ප්‍රචාරය වු එල්.ටී.ටී.ඊ සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානි සම්මුගලිංගම් සිවසංකර්නොහොත් ‍පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යයේ මේ වනවිටත් සැඟවී සිටින බවත් විනයාගමුර්ති මුරලිදරන් ප්‍රකාශ කරනවා. මේ බවට වැඩිදුරටත් අදහස් දැක්වූ මුරලිදරන්, “‍පොට්ටු අම්මාන් ඉතා රහසිගත අයුරින් නෝර්වේ රාජ්‍යයේ සැඟවී සිටිනවා. ඒ විතරක් නෙවෙයි පසුගිය යහපාලන ආණ්ඩුවරටේ ආරක්ෂක බුද්ධි අංශ අකර්මණ්‍ය කළා. හමුදාව හෑල්ලුවට ගත්තා. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලක්දැක්වූයේ නැහැ. ඒ නිසා එල්.ටී.ටී.ඊ ය යළි නැගිටීම සිදුවෙනවා නම් අහන්නත් දෙයක්ද? එල්.ටී.ටී.ඊ.ය මේ රටින් තුරන්කරන්න මමත් දායක වුණා” යනුවෙන් ප්‍රකාශ කර තිබුණා. එවකට නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් සිය සාමාජිකයන් සමග කොටි සංවිධානයෙන් ඉවත්ව කොටි සංවිධානයසමග යුද වැදීම මෙන්ම, ප්‍රභාකරන් සහ කොටි ත්‍රස්තයන්ට එරෙහිව රාජ්‍ය බුද්ධි අංශයට විශේෂ ඔත්තු සැපයීමද සිදු කළේය. සම්මුගලිංගම් සිවසංකර් නොහොත් කොටි බුද්ධි අංශ මහ මොලකරුව සිටි පොට්ටු අම්මාන් 2009 මැයි 18 වැනිදා අවසන්සටනේදී පුදුකුඩිඉරිප්පු නන්දිකඩාල් ප්‍රදේශයේදීම මරණයට පත්වු බව කියැවිණි. නමුත් ඔහු මරණයට පත් වූ බවටසාක්ෂියක් වශයෙන් මළ සිරුර හමු නොවීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ දිගුවෙමින් පවතින නොවිසඳුණු පැනයක්පවතියි. පොට්ටු අම්මාන් හෙවත් කොටි හිටපු බුද්ධි අංශ නායකයා ප්‍රභාකරන්ගේ සමීපම හිතවතා මෙන්ම කරුණාඅම්මාන්ගේ ප්‍රබලම සතුරෙක් වීමද විශේෂත්වයකි. ‍පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටින බවට මෙයට පෙර විවිධ වාර්තා පළ වුවද එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකුවිසින්ම ‍පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටින බවට මෙසේ හෙළිදරව් කරනු ලබන්නේ පළමු වතාවට වීමද විශේෂත්වයකි. 2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ ය යළි පිබිදීමට උත්සාහ කළ අවස්ථා හතරක් පමණ වාර්තා වු අතරඑම සියලු මෙහෙයුම් විදෙස් රටවල්වල සිට නොකඩවා මෙහෙයවා තිබූ බව ආරක්ෂක බුද්ධි අංශ උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍යවාර්තා කර තිබේ. කෙසේ වෙතත් එම කාලසීමාවන්හි බුද්ධි අංශ ප්‍රබලව සිටි නිසාත්, උතුරේ හමුදාවන් හොදින් ස්ථානගත වීසිටි නිසාත් එම මෙහෙයුම් අති සාර්ථකව ව්‍යවර්ථ කිරීමට ආරක්ෂක අංශ සමත් විය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ ප්‍රධානියා වූ කරුණා අම්මාන් කොටි සංවිධානයේ නායක වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ මළසිරුර හඳුනා ගත් පුද්ගලයා වීමද විශේෂත්වයකි. යුද සමයේ ඔහු කොටි ත්‍රස්ත ලයිස්තුවේ ප්‍රධාන සතුරෙක් සහ කොටින්ගේඝාතන ඉලක්කයක්ද වී සිටියේය.  http://www.asiantribune.com/node/92338

Read more

“අස්ථාවර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක්, නැවත ස්ථාවර කිරීමේ එකම මෙවලම මහ මැතිවරණයයි” අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ ජාතික අමතමින් සිදු කරන ලද ප්‍රකාශය.වීඩියෝ සහිතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ ජාතික අමතමින් සිදු කරන ලද සම්පූර්ණ කතාව මෙහි දැක්වෙයි. අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි,

Read more