එ.ජා.පය පුදුම කරවන කෙනෙක් අද හවස දිවුරුම් දෙනවා.වීඩියෝ සහිතයි

පාර්ලිමේන්තුව 7 වන දා පැවැත්වීමට කිසිදු එකඟතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නොවැම්බර් මස 16 වන දින රැස්වීමට නියමිත බවත් ජනාධිපතිවරයා විසින් කිසිදු වෙනස් වීමක් මේ පිළිබඳ සිදු නොකර ඇති බවත් මන්ත්‍රිවරයා මෙහිදී සඳහන් කළේය.

ඊයේ(01) දිනයේ දී අරලියගහ මන්දිරයෙන් දුරකථනයෙන් කථා කර අද 9.30 වන විට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත්, ඒ අනුව පක්ෂ නායකයින් කථානායක හමුවීමට පැමිණ සිටි බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැතිවරයෙක් පත් කළ බවට චෝදනා කරමින්, එයට විරෝධය දක්වමින් ඒ පිළිබඳ කථානායකවරයා දැනුවත් කිරීම සඳහා පමණක් අද පක්ෂ නායකවරු රැස්වූ බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා එය කිසිසේත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමක් නොවන බව ද පැවසීය.

මේ අතර, අද උදෑසන 11 වන විට සියලු දිස්ත්‍රික්කවල රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රිතිඝෝෂා කළ බවත් කියා සිටි මන්ත්‍රීවරයා, ඒ සියලු දේ ඔවුන් නිර්මාණය කළ දේවල් වන අතර, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනා අද උදෑසන රැස්වීමට නොපැමිණි බවද කියා සිටියේය.

කෙසේ වෙතත් එසේ මන්ත්‍රිවරු 6 දෙනෙකු මෙලෙස නොපැමිණි බවත්, අද සවස එක්සත් ජාතික පක්ෂය පුදුමයට පත් කරමින් යම් මන්ත්‍රීවරයෙක් අමාත්‍යධූරයක දිවුරුම් දීමට නියමිත අතර, ඔහුගේ මානසිකත්වය වෙනස් කිරීම සඳහා අද උදෑසන පක්ෂ නායකයින් පැමිණ මෙලෙස බහුතර බලය තමන් සතු බව ප්‍රකාශ කළ බව ද කියා සිටියේය.

බහුතර බලය මහින්ද රාජපක්ෂ මහතා සතු බවත්, නොවැම්බර් මස 5 වන දින දහවල් පාර්ලිමේන්තු වටරවුමේ දී එතුමාට ඇති බලය පෙන්වන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *