වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි තෛයිනිකායික මහ නාහිමිවරුන් පවසයි.වීඩියෝ සහිතයි

වර්තමාන දේශපාලන වාතාවරණය හමුවේ ස්ථිර රජයක් බිහිකිරීම සඳහා වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව තෛයිනිකායික මහ නාහිමිවරුන් පවසයි. අද(30) කොළඹ

Read more

අද රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් අඩුකරන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා

Read more

අධිකරණට දැඩි පොලිස් ආරක්‍ෂාවක් – මහින්දගේ අගමැතිධූරයට එරෙහි පෙත්සම විභාගයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගොණු කළ

Read more

වව්නතිව් මාර්ග බාධකය අසළ තිබී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි විමර්ශන CID වෙත බාර දෙයි.වීඩියෝ සහිතයි

මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ මාර්ගබාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියයාමේසිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබේ. ඒ අනුව විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බව පොලිසිය පැවසීය. අද(30) උදෑසන 6.00ට පමණ අදාළ කොස්තාපල්වරුන් දෙදෙනාගේ මෘත ශරීර එම මාර්ග බාධකය අසළ තිබියදී සොයා ගෙනතිබේ. ඔවුන්ගේ මරණයට හේතුව අනාවරණය වී නැහැ. එම පොලිස් නිලධාරින් දෙදෙනා වව්නතිව් පොලීසියට අනුයුක්තව සේවය කළ අය වෙයි. ඔවුන්ගෙන් එක් අයෙකු ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නමැති 35 හැවිරිදිඅයෙකු වන අතර අනෙක් නිලධාරියා කල්මුණේ පෙරියනිලාවනේ ප්‍රදේශයේ පදිංචිව සිටි ගනේෂ් දිනේෂ් නමැති 28 හැවිරිදිඅයෙකු බවයි පොලිසිය පැවසුවේය. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මඩකලපුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයයටතේ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. මීට අමතරව පොලිස් විශේෂ කාර්යය බලකාය ද විමර්ශන ආරම්භ කර තිබේ. 

Read more

2015 සිට යහපාලන රජය දඹර අමිල හිමිට ලිට්‍රෝ ගිණුමකින් මසකට රුපියල් 95000ක මුදල් දුන් බවට අධිකරණයේදී හෙළිවෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිත කළ බවට චෝදනාකරමින් හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද(29) කොළඹස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය. එහිදී සාක්ෂි ලබාදෙමින් සමාගමේ මූල්‍ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානගම පැවසුවේ, 2015 වසරෙන් පසුව පූජ්‍ය දඹරඅමිල හිමියන්ට මසකට රුපියල් අනූ පන් දහසක මුදලක් ලිට්ට්‍රෝ සමාගමේ රහස්‍ය ගිණුමකින් ලබා දීමට කටයුතු කළ බවයි. අදාළ නඩුව අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකීරාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය. අද දිනයේ ලිට්‍රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානගම මහතා සාක්ෂි ලබා දුන්නේය එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා මතු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්සාක්ෂිකරු කියා සිටියේ 2015 වසරෙන් පසුව පුජ්‍ය දඹර අමිල හිමියන්ට ප්‍රවාහන දීමනාවක් ලෙස මාසිකව රුපියල් එක්ලක්ෂවිසිපන්දහස බැගින් ගෙවීමට සමාගමේ පාලනාධිකාරියෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බවයි. එයට තමා විරුද්ධ වූ බවත්, ඉන් පසුව මසකට රුපියල් අනූපන්දහසක් බැගින් සමාගමට අයත් රහස් ගිණුමකින්උන්වහන්සේට ගෙවීමට පියවර ගත් බවත් ඔහු එහිදී සඳහන් කළේය. තවදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ මේ අයුරින් සමාගමේ සේවකයින් නොවන පුද්ගලයින් 39 දෙනෙකු සඳහාගෙවීම් සිදුකර ඇති බවයි.නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට පැවැත්වෙයි. 

Read more