“රෝ සංවිධානයට ලංකාවේ අය මරන්න අවශ්‍යතාවයක් නෑ, අනික රෝ බුද්ධි අංශයේ අපේ වගේ බේබද්දෝ,බඩගෝස්තර වාදියෝ, කප්පන්කාරයෝ සහ සුදු වෑන් කාරයෝ ණෑ” සරත් ෆොන්සේකා කියයි.වීඩියෝ සහිතයි

රෝ සංවිධානය වැනි වෘත්තීමය සංවිධානයක් අසල්වැසි රටවල දේශපාලයින්  ඝාතණය කිරීමට උත්සාහ දරනු ඇතැයි තමා කිසිවිටක විශ්වාස නොකරන බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැළණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ඉන්දියාවේ ජාතික බුද්ධි අංශය වන රෝ සංවිදානයට කිසිදු අවස්ථාවක ලංකාවේ නායකයන් ඝාතනය කිරිමෙ උවමනාවක් ඇතැයි තමන් විශ්වාස නොකරණ බවද රෝ සංවිධානය කියන්නේ වුර්තිමය අතින් උසස් මට්ටමක පවත්වාගෙන යන බුද්ධි අංශයක් ඉන්දියාවේ ජාතික බුද්ධි අංශය එම සංවිදානය ඉතා හොද විනයක් පවත්වාගෙන යනවා අපේ සමහර බුද්ධි අංශ කිවුවහම ඉන්නවනේ බේබද්දෝත් ඉන්නව ,බඩගෝස්තර වාදියෝත් ඉන්නවා, කප්පන්කාරයෝත් ඉන්නවා සහ සුදු වෑන් කාරයෝත් ඉන්නවා ඒවගේ ඒවා නෑ. අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *