20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට.වීඩියෝ සහිතයි

පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්‌කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ඊයේ (25 දා) පස්‌වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්‌ ගොනු කළේය.

එම සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට අර්ථකථනයක්‌ කථානායකවරයා වෙත නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු එමගින් ඉල්ලා සිටියි. නව පනත් සංශෝධන කෙටුම්පත මගින් පළාත් සභා පාර්ලිමේන්තු ඇතුළු සියලු මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට රජය සැලසුම් කරන්නේ යෑයි එමගින් පෙන්වා දී තිබූ පෙත්සම්කාර මන්ත්‍රීවරයා ජනතාව සිය පරමාධිපත්‍යය ප්‍රකාශ කරනුයේ මැතිවරණ මගින් බැවින් ඒ සඳහා ජනතාවගේ විශේෂ අනුමැතිය ලබාගත යුතු බවත් එලෙස නොකිරීම මගින් ජනතාව වෙත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් හිමිකර දී ඇති අයිතීන් කඩකිරීමක්‌ බවත් සඳහන් කර තිබිණි.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *