රවී බැදුම්කර කොමිසම මග හරි, කොමිසමෙන් රවිට සිතාසි

විදේශ කටයුතු අමාත්‍ය සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් සාක්‍ෂි ලබාගැනීම සඳහා අද (26 දා) යළි බැඳුම්කර ජනාධිපති කොමිසම වෙත කැඳවනු ලැබ ඇත.

ඒ අනුව සිතාසියක්‌ මගින් ඒ බව රවි කරුණානායක මහතා වෙත කොමිසම විසින් දන්වා ඇතැයි කොමිසමේ ආරංචි මාර්ග හෙළි කරයි.

රවි කරුණානායක මහතාට ඊයේ (25 දා) ද කොමිසම හමුවට සාක්‍ෂි දීමට පැමිණෙන ලෙස ද කොමිසම විසින් දැනුම් දීමක්‌ කර තිබුණත් කැබිනට්‌ රැස්‌වීමක්‌ හේතුවෙන් ඊයේ (25 දා) දින කොමිසමට පැමිණීමට නොහැකි බව රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙරේදා (24 දා) කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥ සඳුන් ගමගේ මහතා කොමිසමට දන්වා සිටියේය.

ඊයේ (25 දා) කොමිසම රැස්‌වීමට නියමිතව තිබුණත් රවි කරුණානායක ඇමැතිවරයාගේ නීතිඥයා මෙසේ පෙරේදා (24 දා) සාක්‍ෂි විභාගය පවා අවසන් වීමෙන් පසුව අවසාන මොහොතේදී ඇමැතිවරයාට පැමිණීමට නොහැකි බව දැනුම් දීම නිසා ඊයේ (25 දා) දිනයේ කොමිසම රැස්‌වීමට නොහැකි විය.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේ රවි කරුණානායක මහතා ඊයේ (25 දා) කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම්දීම සිදුකළේ ඉකුත් සෙනසුරාදා (22 දා) බවයි. එහෙත් අඩු තරමේ පෙරේදා (24 දා) සාක්‍ෂි විභාගය ආරම්භ වන අවස්‌ථාවේ හෝ ඇමැතිවරයාට පැමිණීමට අපහසු බවත් දැනුම් දීමට ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කටයුතු නොකළ බව ද ලිවේරා මහතා කීවේය.

කොමිසමේ කාලය ඉතා සීමාසහිත බැවින් ඇමැතිවරයාට වහාම පැමිණිය හැකි දිනයක්‌ දන්වන ලෙස කෙමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විදේශ ඇමැති රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සඳුන් ගමගේ ම හතා අමතමින් කීවේය.

මේ අනුව එදිනම (24) ඒ බව කොමිසමට දන්වන බව එම නීතිඥයා කොමිසමට ප්‍රකාශ කළේය. ඒ අනුව රවි කරුණානායක ඇමැතිවරයා අද (26 දා) කොමිසමට පැමිණීමට නියමිතය. කොමිසම අද (26 දා) පෙ.ව. 10.00 ට යළි රැස්‌වේ.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *