ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග ඩෙංගු රෝගයට ගොදුරුවීම හේතුවෙන් දකුණු අප්‍රිකාව හා පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 තරගාවලිය ද අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග ඩෙංගු රෝගයට ගොදුරුවීම හේතුවෙන් දකුණු අප්‍රිකාව හා පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 තරගාවලිය ද අහිමි වී තිබේ.

පාදයේ ආබාධයකට ලක්ව සිටි මාලිංග මේ මසදී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ආරම්භ වීමට නියමිත එක්දින හා විස්සය20 තරගාවලියෙන් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් ඔහු ඩෙංගු රෝගයට ගොදුරුවීමත් ඒ හේතුවෙන් පුහුණුවීම් නිසි අයුරින් ක්‍රියාත්මක කිරිමට නොහැකි වී ඇත.

ඒ හේතුවෙන් ඔහුට මෙසේ දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්විමට නියමිත විස්සයි20 තරග තුන සඳහා එක්වීමට මාලිංග සූදානමින් සිටින බව වාර්තා වෙයි.

පාදයේ ආබාධය හේතුවෙන් විස්සයි 20 ලෝක කුසලානය හා ඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලිය අතුළු තරගාවලි කිහිපයක්ම මාලිංගට අහිමිවිය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *