ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ජනවාරි මස 24 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

අත්අඩංගුවට ගැනුනු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
ඒ අනුව ඔහුව ජනවාරි මස 24 වැනිදා දක්වා එළෙස බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
 
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් අදාළ නියෝගය නිකුත් කළා.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේ අද පස්වරුවේයි.
 
ඒ  රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව යටතේයි.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *