රවීගේ රුපියල් බිලියන 13 ක පන්දාහේ නෝට්ටු පිලිබඳ කතාව ගැන සොයන්නැයි බන්දුල ජනපතිගෙන් ඉල්ලයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසන පරිදි පසුගිය ජනාධිපතිවරණයට දින දෙකකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙන ඇති රුපියල් බිලියන 13 ක පන්දාහේ නෝට්ටු පිලිබඳ සවිස්තර වාර්තාවක් සතියක් තුළ ඉදිරිපත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
 
රුපියල් බිලියන 13 ක මුදලක් හොර රහසේ මහ බැංකුවෙන් පිටමං කිරීම පහසු කටයුත්තක් නොවන බවත් හිටපු ජනාධිපතිවරයා එලෙස මුදල් පිටමං කර ඇත්නම් ඊට මහ බැංකුවේ නිලධාරින්ද සම්බන්ධ වියයුතු බවයි බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.
 
ඒ අනුව රට තුළ නිරුපද්‍රිතව මුදල් ක්‍රමය පවත්වාගෙන යාම සඳහා රවී කරුණානායක මහතා පවසන කතාවේ ඇත්ත නැත්ත ජනාධිපතිවරයාගේ විධායක බලතල යොදාගනිමින් හෝ සෙවිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *